TY - BOOK AU - Wicramaarachchi ,Saman TI - අප්පච්චි ඇවිත්: name of the father SN - 9789553109156 U1 - 891.483 PY - 2017/// CY - Nugegoda PB - Sarasavi Pracasakayo KW - Novel KW - Sinhalese Fiction KW - Fiction N1 - Novel N2 - අප්පච්චි ඇවිත් ය. ගැටළුව ඇත්තේ ම එහි ය. ඇයි අප්පච්චි ට ආපසු එන්න වූයේ ? ගිය අප්පච්චි ආයේ නාවා නම් ගැටළු අවම ය. එහෙත් ඔහු ආවේ ය. "පියාගේ නාමකරණය යනුවෙන් අප කලින් සඳහන් කළ දෙයෙහි සාරය කුමක් ද? ඉන් හරියටම කෙරෙන්නේ පියාව සංකේතිකව මරා දැමීමට ඉඩ දීමයි. එමගින් ඔහු තම පියා අත් හැර දමා නිදහස් ලෝකය තුළ තමන්ගේ මාවත සොයා ගන්නවා. තම පියාගෙන් කැඩි වෙන් වීමට නොහැකි වීම මගින් පෙන්නුම් කරන්නේ ඔහු පියාගේ නාමකරණය බාරගැනීමට මැලිවීමයි." (197 පිටුව ) මෙහි කතානායකයා උගත්, බුද්ධිමත්, වගකීම් සහගත රැකියාවක නිරත, රූමත් බිරිඳක් සහ දියණියක් සහිත නිස්සංක ය. එහෙත් ඔහු ට අප්පච්චි ආපසු ඒම නවතාගත නොහැකි විය. සියල්ල ට මුල එයයි ( කුකුස වඩවනු පිණිස කතාවස්තුව මින් ඔබ්බට එළි දරවු නොකරමි ). නිර්මියක්, ප්‍රබන්ධයක් ලෙස, නවකතාව පිළිබඳ මගේ අප්‍රගල්භ කියවීම: පළමු පිටේ සිට ම කුතුහලය පවත්වාගෙන යන, වේගයෙන් කියවාගෙන යා හැකි කෘතියකි. මේ වේගය අඩාල වන්නේ අවසන් පිටු 30 දී පමණය. ඒ නීරස නොව, සාරගර්භ වන නිසා ය. විශ්‍රාම ගිය විනිසුරුවරයකු වන කතුවරයා, ඔහුගේ සැබෑ වෘත්තීය ජිවිතයේ යම් තරමක හෝ අත්දැකීමක් මීට එක්කාසු කොට ඇතැයි සිතේ - එසේ නොවීම ට ද පුළුවන. එහෙත් මනෝ විද්‍යාත්මක අංශය ගැන වඩාත් උනන්දු ලේඛකයා, ඔහුගේ විචාර වලින් අප රට බොහෝ කතුවරුන් ගේ සිත් තුල හැංගුණු සිතුවිලි එළියට ඇද දැමීම ගැන පුදුම විය යුතු නැත. නවකතාවේ කුතුහලය වර්ධනයටත්, නවකතාව පාඨකයාට තේරුම් ගැනීමට ත්, විත්තියේ නීතිඥ්ඥයා සහ විනිසුරු අතර ඇති වන දීර්ඝ දෙබස හේතු වුව ද, එය උසාවියේ වටපිටාවට කෙතෙරම් ස්වභාවික ද යන්න ප්‍රශ්ණකාරීය. තරු හතරාමාරක් දෙන්න සිතා, හතරෙන් නතර කලේ ඒ හෙයිනි. අයෙකුට මේ සංවාදය, නවකතාව තේරුම් ගැනීම පිණිස ම ලියවුණු ගැට පද විවරණයක් බන්ඳක් යැයි ද, එය නවකතාවේ ආඛ්‍යායනය තුල පිහිටා තිබීම කෙතරම් සුදුසු ද යන්න ප්‍රශ්ණ කල හැකිය. එහෙත් ඊට විරුද්ධ තර්ක ආකෘතිවාදීන් ට ද තිබිය හැකිය. ඉතිහාස කතා, කුලභේද කතා වලින් ගහණ සිංහල සාහිත්‍යා ට මනෝ විද්‍යාමක තේමාවක් අලලා නිර්මාණයක් බිහිවීම සතුටට කරුණකි. උක්ත මාතෘකාව අලලා සාර්ථක නිර්මාණයක් ම බිහි වීම බලාපොරොත්තු සහගත තත්ත්වයකි. මෙතරම් ශාස්ත්‍රීය ලෙස නොවුන ද, වික්‍රමාරච්චි ට අමතර ව යම් පමණකින් හෝ මේ ලක්ෂණ පෙන්නුම් කරන අන් ලේඛිකාවන් දෙදෙනෙකි කැත්ලීන් ජයවර්ධන සහ චම්පා වෛද්‍යතිලක. නවකතාවේ ප්‍රධාන ධාරාවෙන් ඔබ්බට, ප්‍රධාන මානසික රෝගි තත්ත්වයන් දෙකක් දේශපාලන මතවාද දෙකකට සමපාත වන්නේ කෙසේ ද යන්න කුතුහලය දනවන විමසීමකි. කතුවරයා ප්‍රසිද්ධ නාම වෑහුමට කවදත් කැමැත්තෙකි. විචාරයක් ලියද්දි ලැකාන් ලා, ෆ්‍රොයිඩ් ලා ආදි සැවෝම සාදයට එති. මෙහෙත් ඒ දෙදෙනා ත්, ජිජැක් ද , මයිකල් ජැක්සන් ද ( ඔහු ගේ පියා ද - ජැක්සන් ට ද අප්පච්චිගෙන් මිදීමක් නොවිණි ) තව බොහෝ අය ගේ නම් වෑහෙයි. මතු පරිශීලනය ට ග්‍රන්ථ නාම ද බොහෝ සේ වෑහෙ යි. මට පෞද්ගලිකව ඒ පිළිබඳ විස්සෝපයක් නැත. සමහර විටෙක ඒ කෘතියක් දෙකක් උඩින් පල්ලෙන් හෝ පෙරලා බැලීමට වුව ඉඩ ඇත. එහෙත් මේ නාම වෑහුම්, ගැරඬියාට භූමිතෙල් වෑහූම් ආකාර වන පාඨකයින් ද අප අතර වෙති. ඔවුන් ඉවස කෘතිය නිම වෙන තුරු කියවුවහොත්, සාහිත්‍ය රසාස්වාදය හා දැනෞම් ලබන්නෝ ය. සත්ව ලෝකය සරල ය. එහි පැටවුන් ටික කලකින් දෙමව්පියන් අතැර යන්නෝ නැවත ඔවුන් ගැන ඒ තැකීමෙන් කිසිදා නොබලන්නෝය. බුද්ධිමත් මිනිසා ඊට සංවේදීය. එහෙත් එම බුද්ධිමත් කමට මිනිසා මිලක් ගෙවිය යුතුය. රෝග ලක්ෂණ ඔස්සේ රෝග විනිශ්චයක් සොයන අප රට මනෝ වෛද්‍යවරුන් ගැන සියුම් විවේචනයක් මෙහි එති. එම වෘත්තීකයන්ට යමක් කීමට තිබෙන්නට පුළුවන. අවසන් වශයෙන් කීමට ඇත්තේ, උසස් රසාස්වාදයක් පතන පාඨකයා මේ කෘතිය කියවිය යුතු බවත්, මේ වසර බොහෝ සම්මාන උළෙල වල අවසන් වටය තෙක් හෝ මේ කෘතිය පැමිණීම සාධාරණ බවත් ය. ( මෙය මා කියවූ 2017 ප්‍රකාශ වූ දෙවෙනි නවකතාවයි ) ER -